රිෂාඩ් ගේ ගෙදර ගිනි තබා ගත් මෙහෙකාර දැරියට අතවර කරලා ? (VIDEO )

රිෂාඩ් ගේ ගෙදර ගිනි තබා ගත් මෙහෙකාර දැරියට අතවර කරලා ? (VIDEO )

හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි තබාගෙන අභිරහස් අන්දමින් මියගිය බාලවයස්කාර දැරිය දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්ව ඇතැයි මරණ පරීක්‍ෂණයෙන් අනාවරණය වී ඇති බව අද පුවත්පත්වල පළ වූ කරුණු උපුටා දක්වමින් ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් අවදානය යොමු කළා.

මේ සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ සිටින ඔහුගේ බිරිඳ මව්පියන් සහ මෙහෙකාර සේවයේ යෙදී සිටින තරුණයකුගෙන් බොරැල්ල පොලිසිය දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරගෙන යන බවයි වාර්තා කර තිබෙන්නේ.

එමෙන්ම මේ වනවිට රහස් පොලිසියේ රැඳවුම් භාරයේ සිටින රිෂාඞ් බදියුදීන්ගෙන්ද මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසන බවයි එම පුවත්පත් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මෙම දැරිය රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට ගෙනැවිත් ඇත්තේ ඇයට අවුරුදු 15 යි මාස 11 කදී බව ද විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මේ පිළිබඳව පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ 10ක් ලබා ගෙන තිබෙන බවයි.

Share This