යුක්‍රේන ජනපතිගෙන් රුසියාවට ‘මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ කිරිම’ ගැන චෝදනා

යුක්‍රේන ජනපතිගෙන් රුසියාවට ‘මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ කිරිම’ ගැන චෝදනා

රුසියාවෙන් එල්ල වූ නව මිසයිල ප්‍රහාරයක් නිසා යුක්‍රේනය පුරා විදුලිය විසන්ධි වීම හේතුවෙන් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි රුසියාවට මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ කිරිම සම්බන්ධයෙන් චෝදනා කර සිටිනවා

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යුක්‍රේන ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ රුසියාවේ ත්‍රස්තවාදය නිසා මිලියන සංඛ්‍යාත ජනතාවට බලශක්ති සැපයුම් නොමැතිව, උණුසුමකින් තොරව, ජලය නොමැතිව සීතල දරා ගනිමින් සිටීමට බල කර ඇති බවයි.

මෙම ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් හත් දෙනෙකුවත් මිය ගොස් ඇති බවද යුක්‍රේනය සඳහන් කරනවා

න්‍යෂ්ටික බලාගාර අක්‍රිය වී ඇති අතර යුරෝපයේ විශාලතම – Zaporizhzhia බලාගාරයට එහි සිසිලන පද්ධති සහ ප්‍රධාන ආරක්ෂක උපකරණ බල ගැන්වීම සඳහා ඩීසල් ජනක යන්ත්‍ර මත යොදා ගැනීමටද සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

බලාගාරවලට රුසියාවේ මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් විශාල හානියක් සිදුවී ඇති අතර රටේ විදුලිබල පද්ධතියෙන් අඩකට වඩා අලුත්වැඩියා කිරීමට අවශ්‍ය වී ඇති බවද එරට බලධාරීහු පවසා තිබෙනවා

කියෙව්හි තත්ත්වය ඉතා දුෂ්කර බවත් විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට දිගින් දිගටම උත්සාහ කරන බවත් යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි සඳහන් කරන බවද විදෙස් මාධ්‍ය පවසනවා

මේ අතර නගරාධිපති විටාලි ක්ලිට්ස්කෝ පවසා තිබෙන්නේ අගනුවර පදිංචිකරුවන්ගෙන් අවම වශයෙන් 80% කටවත් විදුලිය හෝ ජලය නොමැති බවයි.

රුසියානු මිසයිල ප්‍රහාරයට ලක් වූ තවත් නගර කිහිපයක් වන Lviv, Odesa සහ Cherkasy යන ප්‍රදේශයන්හි විදුලිය යථා තත්ත්වයට පති කිරීමටද මේ වනවිට සමත්ව තිබෙනවා

එමෙන්ම දකුණු Zaporizhzhia කලාපයේ, මාතෘ ඒකකයකට මිසයිලයක් වැදීමෙන් අලුත උපන් බිළිඳෙකු මිය ගිය බව එරට හදිසි සේවා සඳහන් කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This