මුවමස් සමග සිව් දෙනෙකු අත්අඩංගුවට

මුවමස් සමග සිව් දෙනෙකු අත්අඩංගුවට

අධි සංරක්ෂිත සත්වයෙක් වන මුවෙකු මරා මස් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් සිව් දෙනෙකු පොලිස් වි‍ශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඊයේ (19) කරදියනාරු ප්‍රදේශයේ, කොස්ගොල්ල, කැලෑබඳ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදියි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ

එහි දී නීති විරෝධීව කැළයට ඇතුල් වී උගුල් අටවා අධි සංරක්ෂිත සත්ත්වයෙක් වන මුවෙකු මරා එම මස් කිලෝ 38 ක ප්‍රමාණයක් සහ උගුල් ඇටවීමට යොදා ගන්නා කේබල් වලින් සකස් කරන ලද මදු 259 ක් ද සොයා ගෙන තිබෙනවා

සැකකරුවන් කොප්පාවේලි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 – 35 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් වන අතර ඔවුන් ඉදිරි විමර්ශන කටයුතු සදහා මඩකලපුව වනජීවී අඩවිවන කාර්යාලය වෙත භාර දී ඇති බව සඳහන්

 

 

Share This