මත්පැන් හා දුම්කොළ බදු ගැන වෘත්තීය සමිති කරන අනාවරණය

මත්පැන් හා දුම්කොළ බදු ගැන වෘත්තීය සමිති කරන අනාවරණය

සුරාබදු දෙපාර්තමේන්තුව මගින් නියාමනය වන මත්පැන් හා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන සඳහා අලුතින් හඳුන්වාදෙන බදු ක්‍රමය යටතේ පනවන බදු එකතු කිරීමේ බලය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ ගිණුමෙන් ඉවත් කොට මුදල් අමාත්‍යාංශයේ ගිණුමකට බැර කිරීමට පවතින සූදානම පිළිබඳව සුරාබදු වෘත්තීය සමිති එකමුතුව දැඩි විරෝධය පළකරන බව අද (15) පුවත්පත් වාර්තා කරනවා.

මෙම නව බදු ක්‍රමය අතීතයේ සිට බලපාන ආකාරයට පැනවීම සඳහා කෙටුම්පත් සකස් කර ඇති බව තම සංගමයට දැන ගන්නට ලැබී ඇතැයි සුරාබදු වෘත්තීය සමිති එකමුතුව පවසන බව ද එම වාර්තාවේ සඳහන්.

තම දෙපාර්තමේන්තුවේ වර්තමාන සේවකයන් මේ තත්ත්වය පිළිබඳ දැනුවත් භාවයක් නොමැති බවත්, මේ නිසා එම නිලධාරීන් දැඩි නොසන්සුන්තාවකට පත්ව ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් එම එකමුතුව කියා සිටිනවා.

Share This