බස් වෑන් අනතුරෙන් බිළිඳෙකු ඇතුලු දෙදෙනක් මරුට

බස් වෑන් අනතුරෙන් බිළිඳෙකු ඇතුලු දෙදෙනක් මරුට

බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් වෑන් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් මාස හතරක බිළිඳෙකු මියගොස් තිබෙනවා.

ඒ රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි.

පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාලච්චේන ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර, එම අවස්ථාවේ වෑන් රථයේ රියදුරු සමග පුද්ගලයන් 07 දෙනෙකු සිට තිබෙනවා.

ඉන් හය දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබූ අතර, වෑන් රථයේ සිටි කුඩා දැරියක් පමණක් කිසිදු තුවාලයක් නොලබා තිබූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

තුවාල ලැබූවන් මඩකලපුව රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් අනතුරුවයි ප්‍රතිකාර ලබමින් සිටි වෑන් රථයේ රියදුරු වූ 80 හැවිරිදි පුද්ගලයා සහ මාස 04ක බිළිඳා මියගොස් තිබුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරුවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share This