බස්රථවලට ඉල්ලුවේ රක්ෂණ වන්දි – දෙන්න හදන්නේ ඩිස්කවුන්ට් වවුචර් !

බස්රථවලට ඉල්ලුවේ රක්ෂණ වන්දි – දෙන්න හදන්නේ ඩිස්කවුන්ට් වවුචර් !

පෞද්ගලික බස්රථ කර්මාන්තය නැවත නගාසිටුවීම සඳහා ලබා දෙන සහන පැකේජයෙන් බස් කර්මාන්තය යළි ආරම්භ කිරීම සඳහා කිසිදු සහායක් නොලැබෙන බව පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරනවා.

liveat8.lk වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ ඩිස්කවුන්ට් වවුචර් ලබාදීමක් පමණක් මෙහිදී සිදුවන බවයි.

ඩිස්කවුන්ට් වවුචර් අවශ්‍ය නම් තම සංගමයට ද පුද්ගලික ආයතනවලින් ඒවා ලබාගත හැකි බව ඔහු පෙන්වා දෙනවා.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අපහසුතාවට පත්ව ඇති පෞද්ගලික බස්රථ හිමියන්ට යළි කර්මාන්තය ආරම්භ කිරීම සඳහා රක්ෂණ වන්දියක් ලබාදෙන ලෙස තම සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවත් ඩිස්කවුන්ට් වවුචර් ඉල්ලා නොසිටි බවත් ගැමුණු විජේරත්න මහතා කියා සිටියා.

වසර දෙකක් අනතුරු සඳහා වන්දි ඉල්ලුම් කර නොමැති බස් රථ සඳහා රක්ෂණ සමාගම් මගින් රුපියල් ලක්ෂයක මුදලක් ලබාදෙන ලෙසයි ඔවුන් ඉල්ලා ඇත්තේ.

 

Share This