පොලිස් වෙඩි පහරින් මියගිය හොරණ ඝාතන සැකකරු

පොලිස් වෙඩි පහරින් මියගිය හොරණ ඝාතන සැකකරු

පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් අතරතුර පොලිස් මාර්ග බාධකයක් අසල දී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් පොලීසියට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් පොලීසිය විසින් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී අදාළ යතුරුපැදිකරු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදා සෙබළෙක් බවට හඳුනාගෙන ඇති අතර ඔහු ඊයේ (07) හොරණ තල්ගහවිල ප්‍රදේශයේ සිදුවු ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරු බවට සැකකෙරෙන බවයි පොලිසිය පැවසුවේ.

Share This