පාසල් අධ්‍යාපනයේ නවමු වෙනසක්
ඉදිරි මාසයේ සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික පියවර අධ්‍යාපන පරිපාලන ක්ෂේත්රය තුළින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ඒ අනුව 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පැවැත්වෙන පාසල් ප්‍රාථමික පාසල් ලෙසත්, 6 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා පවතින පාසල් කණිෂ්ඨ ද්විතියික පාසල් ලෙසත්, 10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණි සහිත පාසල් ජ්‍යෙෂ්ඨ ද්විතියික පාසල් ලෙස වර්ගීකරණය කිරීමට කටයුතු කරන බව ඒ මහතා සඳහන් කළා.
2018 – 2020 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පුහුණු නිම කළ ඩිප්ලෝමාධාරින් ගුරු සේවයට බඳවාගැනීම වෙනුවෙන් පැවති උත්සවයේදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.