පාර්ලිමේන්තු තේ පැන් සංග්‍රහය විපක්ෂය මඟ හරියි (වීඩියෝ)

පාර්ලිමේන්තු තේ පැන් සංග්‍රහය විපක්ෂය මඟ හරියි (වීඩියෝ)

09 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අරඹමින් ජනාධිපතිතුමන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැමිණ සිටි මැති ඇමතිවරුන්ට සහ අනෙකුත් ආරාධිතයන්ට තේ පැන් සංග්‍රහයකට ආරාධනා කළා.

ඒ සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් සහභාගී වී නොසිටි බවයි වාර්තා වුණේ.

09 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (18) පෙරවරුවේ ආරම්භ වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ජනධිපතිවරයා අද (19) පෙරවරු 9.30ට පමණ පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණීමෙන් අනතුරුව කතානායකවරයා විසින් ඔහුව පිළිගනු ලැබුවා.

ඉන් අනතුරුවයි සභා ගර්භයට පැමිණි ජනාධිපතිවරයා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබුවේ.

ජනාධිපතිවරයා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (20) පස්වරු එක දක්වා පාර්ලිමේන්තුව කල් තැබුණු අතර ඉන් අනතුරුවයි තේ පැන් සංග්‍රහය පැවැත් වුණේ.

 

 

 

 

Share This