ප්‍රදේශ කිහිපයකට ලබන බදාදා ජල කප්පාදුවක්

ප්‍රදේශ කිහිපයකට ලබන බදාදා ජල කප්පාදුවක්

සපුගස්කන්ද විදුලි උප පොළෙහි හදිසි අළුත්වැඩියාවක් හේතුවෙන් පැය 12ක් බියගම ජල පවිත්‍රාගාරයට ජල පැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ අනුව අප්‍රේල් 24 වන බදාදා පෙ.ව 8.30 සිට ප.ව 8.30 දක්වා පැය 12ක කාලයක් මෙසේ ජල සැපයුම අත්හිටුවන බව සඳහන්.

පෑලියගොඩ, වත්තල, ජා- ඇල, කටුනායක/ සීදූව නගර සභා බල ප්‍රදේශයටත්, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා – ඇල, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකටත් ජල සැපයුම අත්හිටුවනු ලබනවා.

Share This