ප්‍රංශ තානාපති හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරයක

ප්‍රංශ තානාපති හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරයක

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති Jean-Francois Pactet පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරයක් සඳහා සහ ප්‍රංශ සමාගම් සඳහා විය හැකි ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කිරීම සඳහා එහි පැමිණියා.

එහි ප්‍රධාන විධායක නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා තානාපති කාර්යාල නියෝජිතයන් හමුවීමෙන් අනතුරුව තානාපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී වරායේ ප්‍රධාන ව්‍යාපාරික ක්ෂේත්‍ර 05ක් පිළිබඳව ද විස්තර ඉදිරිපත් කර සිටියා.

තෙල් සහ ගෑස් අංශවල අත්විඳින වත්මන් වර්ධනය සහ බහාලුම් මෙහෙයුම්වල නවතම හඳුන්වාදීම පිළිබඳව විස්තර කෙරුණු අතර එහිදී වසර අවසන් වන විට වරාය තොග භාණ්ඩ ප්‍රමාණය වැඩි කිරීමට අපේක්ෂා කරන බව ද ප්‍රධාන විධායක නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා ප්‍රංශ තානාපති Jean-Francois Pactet සමග සිදුකළ සාකච්ඡාවේදී වැඩිදුරටත් විස්තර කර සිටියේ.

Share This