මාර්තු අපනයනය ඉහළට

මාර්තු අපනයනය ඉහළට

මාර්තු මාසය සඳහා අපනයන වර්ධනය, එම මාසය සඳහා වෙළඳ භාණ්ඩ ආනයනය සඳහා වූ වියදම ඉක්මවා ගොස් තිබෙනවා.

මෙහිදී පසුගිය මාසවලට සාපේක්ෂව රෙදිපිළි සහ ඇඟලුම් අපනයනය ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මාර්තු මාසය තුළදී ශ්‍රී ලංකාව උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,139ක්.

එය 2022 වසරේ අගෝස්තු මාසයෙන් පසුව උපාය ඇති වැඩිම ආදායම බව මහ බැංකු දත්ත වාර්තාවන් තුළ පෙන්වා තිබෙනවා.

කෙසේවෙතත් පසුගිය වසරේ ඩොලරයට සාපේක්ෂව 12% ට වැඩි අගයකට වඩා මේ වසරේ මේ දක්වා රුපියල 9.0% ශක්තිමත් වී ඇති බවයි වාර්තා වන්නේ.

Share This