පත්මේගේ උත්සාහය ව්‍යර්ථ වෙයි – ඔස්මන්ඩ් ඝාතන තැත වරදී

පත්මේගේ උත්සාහය ව්‍යර්ථ වෙයි – ඔස්මන්ඩ් ඝාතන තැත වරදී

ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ඔස්මන්ඩ් නමැත්තා ඝාතනය කිරීම සඳහා උත්සාහ කළ සැකකරුවන් තිදෙනෙකු නිට්ටඹුව, වේවැල්දෙනිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සතුව තිබූ T56 වර්ගයේ ගිනි අවියක් ඇතුළු ගිනි අවි දෙකක් සහ ජීව උණ්ඩ 100කට අධික සංඛ්‍යාවක් පොලිසිය භාරයට ගෙන ඇති බව සඳහන්.

මෙම සැකකරුවන් අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පත්මේගේ සහයකයින් තිදෙනෙකු බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම අදාළ සැකකරුවන්ගෙන් එක් අයෙකු පොලිස් නිලධාරියෙකු වන බවට ද තොරතුරු වාර්තා වනවා.

අනෙක් සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම සහ මංකොල්ලකෑම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගතව සිට පසුගිය දිනෙක නිදහස ලබා පැමිණි අයවළුන් බවටයි වාර්තා වන්නේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

මීට පෙර ද අවස්ථා කිහිපයකදී ව්‍යාපාරිකයෙකු වන ඔස්මන්ඩ් නමැත්තා ඝාතනය කිරීමට උත්සාහ කර තිබූ නමුත් එම උත්සාහයන් ව්‍යර්ථ වී තිබුණා.

Share This