දිග කොණ්ඩය කපා බෑගයක දමා ගනී – බොබ්  මාලි පොලිසියෙන් එන විට සැඟව සිටියේ මෙලෙසයි

දිග කොණ්ඩය කපා බෑගයක දමා ගනී – බොබ් මාලි පොලිසියෙන් එන විට සැඟව සිටියේ මෙලෙසයි

බේරුවල ට ආසන්න දකුණු මුහුදේ දී රුපියල් කෝටි තුන්සියයකට ආසන්න හෙරොයින් මත්කුඩු තොගය මෙරටට ප්‍රවාහනය කිරීමට සංවිධාන කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන චමින්ද  නොහොත් බොබ් මාලි සමග ඔහුගේ බිරිඳ සහ ඔහුට නවාතැන් පහසුකම් ලබාදුන් මිතුරාද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අද (10) පුවත්පත් ද වැඩිදුර තොරතුරු වාර්තා කර ඇති අතර ප්‍රධාන සැකකරු වන බොබ් මාලි නැමැත්තා සන්තකේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 100ක් ද පොලිස් බාරයට ගෙන ඇති බව එහි සඳහන්.

ඇල්පිටිය කැටපොල ප්‍රදේශයේ රබර් වත්තක හුදෙකලා නිවසකදී ප්‍රධාන සැකකරු වන බොබ් මාලි නැමැත්තා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී දිගට වවා තිබූ කොන්ඩය කපා දමා තිබූ බවත් එම කොණ්ඩය ද බෑගයක දමා තිබී සොයාගත් බවත් වාර්තා වනවා.

පොලිසිය එම නිවස වටලන අවස්ථාවේ දී සැකකරු කාමරයේ මෙට්ටයක් මත නින්දේ පසු වූ බවයි පුවත්පත් වාර්තාවල  දැක්වෙන්නේ.

 

Share This