” තම දරුවන් සිව් දෙනා මරා දැමූ බවට සැක පිට සිරගත කර සිටි ” කාන්තාවකට වසර 20කට පසු සමාව

” තම දරුවන් සිව් දෙනා මරා දැමූ බවට සැක පිට සිරගත කර සිටි ” කාන්තාවකට වසර 20කට පසු සමාව

තම දරුවන් සිව් දෙනා මරා දැමූ බවට සැක පිට සිරගත කර සිටි Kathleen Folbigg නැමැති කාන්තාවකට වසර 20ක් සිරගතව සිටීමෙන් පසු සමාව ලැබී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් නීතිපති මයිකල් ඩේලි ඇයව නිදහස් කරන ලෙස නියෝග කර ඇති අතර කොන්දේසි විරහිත සමාවක් නිර්දේශ කර ඇති බවත් සඳහන් වනවා

Kathleen Folbigg 1989 සිට දශකයකට වැඩි කාලයකට පසු ඇගේ බිලිඳුන් සිව්දෙනාගේ මරණ සම්බන්ධයෙන් 2003 වසරේ දී සිරගත කර තිබෙනවා

ඇය විසින් මෙම ඝාතන සිදු කළ බවට භෞතික සාක්ෂි නොමැති වුවද, ඔවුන්ගේ සිරුරු සොයාගත් පුද්ගලයා ඇයවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

Kathleen Folbigg ගේ උපන් නගරය වන උතුරු නිව් සවුත් වේල්ස් වෙරළ තීරයේ නිව්කාසල් හිදී ඇයට හමු වූ Craig Folbigg සමග විවාහ වන විට ඇයට වයස අවුරුදු 20ක්

විවාහයෙන් වසරක් ඇතුළතදී ඇය ගැබ්ගෙන ඇති අතර 1989 පෙබරවාරි මාසයේ උපත ලද දරුවා ජීවත්ව ඇත්තේ දින 19 කාලයක්.

එම දරුවා මියයාමෙන් පසු වසරකට පසු Folbiggsහට තවත් පුතෙක් ලැබී ඇති අතර ඔහු මාස අටේදී මිය ගොස් තිබෙනවා.

දෙවෙනි දරුවාද මියගොස් අවුරුදු දෙකකට පසු ලැබුණු තෙවන දරුවා ඉපදී මාස 10 දී මිය ගොස් ඇති අතර 1999 වසරේ ඉපදුණු සිව්වැනි දරුවා ඉපදී මාස 18කට පසු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

දරුවන් හතර දෙනාගේම මරණ පිළිබඳ පොලිස් පරීක්‍ෂණය සිව්වෙනි දරුවා මියගිය දිනයේම ආරම්භ වූ නමුත් Kathleen Folbigg අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට වසර දෙකකට වැඩි කාලයක් ගතවී තිබෙනවා

ඒ වන විට ඇගේ විවාහයද දෙදරා ගොස් තිබූ අතර Kathleenගේ සැමියා ඇයට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර ඇති අතර ඇගේ දිනපොත්ද පොලිසියට බාර දී ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කර ඇති බවද සඳහන් වනවා

ළදරුවන්ගේ දේහ පරීක්ෂා කිරීමෙන් ඔවුන් හුස්ම හිරවී ඇති බවට කිසිදු භෞතික සාක්ෂියක් සොයා ගැනීමට නොහැකිවූ නමුත් ඔවුන්ගේ මරණය පැහැදිලි කිරීමට වෙනත් පිළිගත හැකි හේතුවක්ද නොමැතිව එම මරණ සම්බන්ධයෙන් සැකය Kathleen වෙත යොමුව තිබෙනවා

කෙසේවෙතත් ඇගේ දිනපොත් සම්බන්ධයෙන් නීතිපති මයිකල් ඩේලි පවසා ඇත්තේ ” Kathleen සෑම දරුවෙකුගේම මරණයට තමාටම දොස් පවරා ගෙන ඇති බවයි ,එමෙන්ම ඇය ඔවුන්ව ඝාතනය කළ හෝ වෙනත් ආකාරයකට හානියක් කළ බව පිළිගෙන නොමැති අතර එම සටහන්වල ඇත්තේ ශෝකයට පත් සහ සමහරවිට මානසික අවපීඩනයෙන් පෙළෙන මවකගේ ලේඛන බවයි.”

Share This