ගෑස් නෑ කීවත් ජනතාව පෝලිමේ -ඩොලර් නැතිව ගෑස් නැව දින 6ක් මුහුදේ

ගෑස් නෑ කීවත් ජනතාව පෝලිමේ -ඩොලර් නැතිව ගෑස් නැව දින 6ක් මුහුදේ

ලිට්රෝ සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවකට ඊයේ (12) දිනයේ ද මුදල් ගෙවීමට නොහැකි වීමෙන් මේ වන වි දින 5 ක කාලයක් නිදහස් කරගැනීමට නොහැකි වී තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කරනවා.

ස්වර්ණවාහිනි පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

මෙම නෞකාවේ ඇති ගෑස් තොගයට ඩොලර් මිලියන 2.5 (ඩොලර් ලක්‍ෂ 25) ඉතිරි මුදලක් ගෙවීමට ඇති අතර මේ වන විට එයට ප්‍රමාද ගාස්තු ද එකතු වී ඇති බවත් ලිට්රෝ සමාගම සඳහන් කරනවා.

මෙම ගෑස් රැගත් නෞකාව කොළඹට පසුගිය 8 වැනිදා පෙරවරුවේ ළගා වුවද එය නිදහස් කරගැනීමට ඩොලර් නොමැතිවීමෙන් මෙසේ හිරවී තිබෙනවා.

ලිට්රෝ සමාගම අද(13) දිනයේ ද ගෑස් බෙදානොහැරීම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

ස්වර්ණවාහිනි පත්තරේ වැඩසටහන පහතින් නැරඹිය හැකියි.

Share This