ඛණිජ තෙල් වෘත්තීය සමිති සහ ඇමති කංචන අතර සාකච්ඡාවක්

ඛණිජ තෙල් වෘත්තීය සමිති සහ ඇමති කංචන අතර සාකච්ඡාවක්

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සියලු වෘත්තීය සමිති නියෝජිතයන් සහ විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී ඉදිරියේදී ඉන්ධන බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ වෙළඳපොළට තරඟකාරිතාවයක් ඇති කරමින් ජාත්‍යන්තර වශයෙන් කටයුතු කරන ඉන්ධන සහ බලශක්ති සමාගම් මෙරට වෙළඳපොළට ඇතුළු වීමට අවසර ලබා දීම, කාර්යක්ෂමව සහ අඛණ්ඩ සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සැපයීම, සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව කටයුතු කරන ක්‍රමවේදය ඇතුළු කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව සඳහන්.

එමෙන්ම පිරිපහදු කටයුතු, ඉදිකරන නව පිරිපහදු, මූල්‍ය සහ මානව සම්පත් විගණනයන් තුළින් කළමනාකරණය, පවතින සාමුහික ගිවිසුමෙන් ඉවත් වී ඒ වෙනුවට කාර්යක්ෂමතාවය පදනම් කර ගත් උසස්වීම් සහ වැටුප් වර්ධක ක්‍රමවේදයක් හඳුන්වාදීම පිළිබඳව ද එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

Share This