කොළඹ අක්කර 133ක ගොවිතැන් අරඹයි

කොළඹ අක්කර 133ක ගොවිතැන් අරඹයි

නාගරික ජනාවාස ආශ්‍රිත ප්‍රදේශවල කඩිනම් වගා සංග්‍රාම ව්‍යාපෘතිය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ කිඹුලාවල, මාදිවෙල හා මිරිහාන යන ප්‍රදේශවල අක්කර 133ක ගොඩ හා මඩ ගොවිතැන් ආරම්භ කර තිබෙනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ඉදිරියේ දී ඇති විය හැකි ආහාර අර්බුදයට මුහුණ දීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබනවා.

ව්‍යාපෘතිය අදියර 04කින් සමන්විත අතර එහි පළමුවැන්න කිඹුලාවල ආදර්ශ වෙල්යායයි. ඉදිරියේ දී ශ්‍රි ජයවර්ධනපුර රෝහල ආශ්‍රිත ඉඩම් අක්කර 80 ක් වගා කර සංවර්ධනය කිරිමට අපේක්ෂිතයි.

මාදිවෙල නාගරික කෘෂිකර්මාන්ත පාරිසරික ව්‍යාපෘතිය කොළඹ ආශ්‍රිත නාගරික ප්‍ර දේශයක පළමු වරට සිදු වු වගා ව්‍යාපෘතියක් වන අතර ඒ සදහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරිමේ සංස්ථාව, ගොවිජන සේවා දෙපාර්තුමේන්තුව මෙන්ම ශ්‍රී ලංකා යුධ හමුදාව ද සහාය පළ කර තිබෙනවා.

ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 390ක් වනවා.

 

Share This