කොවිඩ් තවමත් පාලනය නොවූ තත්ත්වයක් පෙන්වන රටවල්

කොවිඩ් තවමත් පාලනය නොවූ තත්ත්වයක් පෙන්වන රටවල්

ලොව පුරා රටවල් රැසක දෛනික ආසාදිතයින් වාර්තා වීම සාපේක්ෂව අඩු අගයක් ගනිමින් තිබුණද, ඇමරිකාව, එක්සත් රාජධානිය, රුසියාව, සහ තුර්කිය යන රටවල පමණක් තවමත් ආසාදිත ව්‍යාප්තිය පාලනය නොවූ තත්ත්වයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙනවා.

සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇති බව දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, කොවිඩ් වසංගතය පාලනය කිරීම වෙනුවෙන් රටවල් රැසක් එන්නත්කරණ වැඩපිළිවලට වැඩි අවධානයක් යොමු කිරීම සාධනීය බවයි.

කෙසේ වෙතත් එන්නත්කරණයට එරෙහිව තවමත් ඇතැම් රටවල විරෝධතා පැවැත්වෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එමෙන්ම ඉතාලි වැසියන්ට අනිවාර්යය කෙරුණු සෞඛ්‍ය බලපත්‍රයට එරෙහිව වාර්තාවන ජනතා විරෝධය ද තරමක උණුසුම් මුහුණුවරක් ගනිමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Share This