කෘෂිකර්මයේ තීරණාත්මක ගැටලුවක් ගැන කරුණු හෙළිවේ

කෘෂිකර්මයේ තීරණාත්මක ගැටලුවක් ගැන කරුණු හෙළිවේ

වර්තමානයේ මෙරට පවතින විදේශ විනිමය ගැටළුව හේතුවෙන් වී,එළවළු සහ අනෙකුත් බෝග බීජ ප්‍රමාණවත් පරිදි නොමැති බව පසුගියදා කෘෂිකාර්මික පොහොර සහ වැවිලි අංශයේ පවතින ගැටලු පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති රැස්වීමකදී තොරතුරු හෙළිව තිබෙනවා.

මෙම සාකච්ඡා පැවැත්වී ඇත්තේ කෘෂිකාර්මික කමිටුවේ සභාපති අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගිත්වයෙනුයි.

බීජ හිඟ තත්ත්වය තීරණාත්මක ගැටලුවක් නිසා එම ගැටළුව විසඳීමට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු බව මෙහිදී සාකච්ඡා වී ඇති අතර ඉදිරියේදී ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ගෙවතු වගා වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමට ද යෝජනා වී ඇති බව වාර්තා වනවා.

 

Share This