කුරුළු උණ වෛරසය සහිත පැස්ටරීකරණය කළ කිරි වොෂිංටනයෙන් සොයා ගැනේ

කුරුළු උණ වෛරසය සහිත පැස්ටරීකරණය කළ කිරි වොෂිංටනයෙන් සොයා ගැනේ

අමෙරිකාවේ වොෂිංටන් හි පැස්ටරීකරණය කරන ලද කිරිවල කුරුළු උණ වෛරසය පවතින බවට අනාවරණය වී තිබෙනවා.

පැස්ටරීකරණය කරන ලද කිරිවල සාම්පල කිහිපයක පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒවායේ කුරුළු උණ වෛරසය පවතින බවට හෙළි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් එම වෛරසයෙන් මිනිස් ශරීරයට තර්ජනයක් නොමැති බව එරට ආහාර හා ඖෂධ පරිපාලනය පෙන්වා දී තිබෙනවා.

කුරුළු උණ, වසංගතයක් ලෙස රට පුරා කුරුළු සහ ගව පශු සම්පත් හරහා පැතිර යන බැවින් අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය විසින් ගෘහස්ථ කිරි සැපයුම් පරීක්ෂා කිරීම ඉහළ නංවා ඇති බව සඳහන්.

කෙසේවෙතත් මෙම මාසය ආරම්භයේ දී ටෙක්සාස් හි ගිරි ගොවිපළ සේවකයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු කුරුළු උණ වෛරසයට ලක්වී තිබුණා.

අමු බිත්තර සහ කිරි පරිභෝජනයට එරෙහිව අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය විසින් දිගින් දිගටම අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This