ඊශ්‍රායලයේ අල් ජසීරා නාලිකාවේ මෙහෙයුම් නවතා දැමීමට පියවර

ඊශ්‍රායලයේ අල් ජසීරා නාලිකාවේ මෙහෙයුම් නවතා දැමීමට පියවර

ඊශ්‍රායලයේ අල් ජසීරා රූපවාහිනී ජාලය හමාස් සංවිධානයේ හොරණෑවක් ලෙස හංවඩු ගසමින් එහි මෙහෙයුම් නවතා දැමීමට ඊශ්‍රායල රජය පියවර ගෙන තිබෙනවා.

ගාසා තීරයේ යුද්ධය පවතින අතරතුර මෙම මෙහෙයුම් නවතා දැමීමට කැබිනට් මණ්ඩලය එකඟ වූ බවයි අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා සිටියේ.

එරට පොලිසිය කටාර් විකාශන කාර්යාලය වටලා තිබෙන අතර නාලිකාව කියා සිටියේ සෑම නීතිමය පියවරක්ම අනුගමනය කිරීමේ අයිතිය තමන් සතු බවයි.

කෙසේ වෙතත්, ඊශ්‍රායලයේ අල් ජසීරා ෆේස්බුක් පිටුව හරහා තවමත් නාලිකාවට ප්‍රවේශ විය හැකි බැවින් අවහිර කිරීම ඵලදායී ලෙස අර්ධ වශයෙන් පමණක් සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේවෙතත් ඊශ්‍රායලයේ අල් ජසීරා නාලිකාවේ විකාශන කටයුතු නවතා දැමීම මානව හිමිකම් සහ පුවත්පත් කණ්ඩායම් ගණනාවක විවේචනයට ලක්ව තිබෙනවා.

Share This