කරාපිටිය ශික්ෂණ රෝහලට අතිනවීන CT Scanner යන්ත්‍රයක්

කරාපිටිය ශික්ෂණ රෝහලට අතිනවීන CT Scanner යන්ත්‍රයක්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 250 වටිනාකමකින් යුතු CT Scanner යන්ත්‍රයක් ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කර තිබෙනවා.

ඒ, අද (24) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි වසර තුළ රෝහලේ භෞතික සම්පත් සංවර්ධනයට සහ සමස්ත වෛද්‍ය උපකරණ සදහා රුපියල් කෝටි 100 බැගින් මුදල් වෙන් කර ඇති බවයි.

ජපානයේ නිෂ්පාදිත අතිනවීන තාක්ෂණයෙන් යුත් මෙම CT Scanner යන්ත්‍රය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ කරාපිටිය ශික්ෂණ රෝහලට ලබාදී ඇති අතර රෝහලේ විකිරණ විද්‍යා අංශය (Department of Radiology) තුළ ස්ථාපිත කර තිබෙනවා.

පසුගිය සදුදා මෙම CT Scanner යන්ත්‍රය ස්ථාපිත කර අද දින තෙක් යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂාවට ලක් කරන ලද අතර අද සිට රෝගීන්ගේ CT Scan පරීක්ෂණ කටයුතු සිදුකරන බව සඳහන්.

දිනකට CT Scan පරීක්ෂණ 40 ක් 50 ක් වැනි ප්‍රමාණයක් මේ හරහා සිදු කිරිමට අපේක්ෂිතයි.

ඉදිරියේ දී එම සීමාව ඉක්මවා පරීක්ෂණ සිදු කිරිමට අපේක්ෂා කෙරෙන අතර එමගින් දැනට CT Scanner පරීක්ෂණ කටයුතු සදහා වන පොරොත්තු ලේඛන අවම කරගැනීමට හැකියාව ලැබෙනු ඇති

Share This