ඉන්ධන මිළදී ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ණයක්

ඉන්ධන මිළදී ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ණයක්

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිළදී ගැනීම සඳහා  අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ඉන්දියාව ලබාදෙන බවට සඳහන් කරමින් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය සෙනසුරාදා ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජෙයිශකංර් හා ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවකදි එය යළි තහවුරුවී තිබුණා.

Share This