තෙල් මිල වැඩි කිරීමට සිදුවන්නේ උපාය මාර්ගික සැලැස්මක් නොමැති නිසා

තෙල් මිල වැඩි කිරීමට සිදුවන්නේ උපාය මාර්ගික සැලැස්මක් නොමැති නිසා

තෙල් මිල වැඩි කිරීමට සිදුවන්නේ තෙල් සංස්ථාවේ උපාය මාර්ගික සැලැස්මක් නොමැති නිසා යැයි ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පවසනවා

දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

තෙල් සංස්ථාවට අයත් ත‍්‍රිකුණාමල තෙල් ටැංකි කිහිපයක් හෝ සංවර්ධනය කර තෙල් ගබඩා කර ගැනීමක් සිදුනොකර මේ ආකාරයෙන් ඉදිරියටත් පවත්වා ගෙන යන්නේ නම් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වැඩිවන විට මෙරට තෙල් මිල වැඩිකිරීමට සිදුවීම සාමාන්‍ය තත්ත්වයට පත්වන බවද ඔහු සඳහන් කරනවා

වැඩිදුරටත් ඔහු පවසන්නේ තෙල් මිල වැඩි කිරීමෙන් මහජනතාව පීඩාවට පවත්වන බවත් එසේ කිරීමෙන් හෝ තෙල් සංස්ථාවට ස්ථාවරයක් නොලැබෙන බවත්ය

අඩුම වශයෙන් රජයක් ලෙස තෙල් නිපදවන රටක් හෝ රටවල් කිහිපයක් සමග යම් කාල සීමාවක් සඳහා තෙල් මිලදී ගැනීමට ස්ථාවර මිලකට ගිවිසුම් ගතවීමක් සිදුකළ යුතු යැයිද ඔහු පෙන්වා දෙනවා

රජයට තෙල් ගබඩා කරගත හැකිව තිබූ හම්බන්තොට වරායේ තෙල් ටැංකිද චීනයට අයත් නිසා තෙල් ගබඩා කරගත හැකි ක‍්‍රමවේදයක් සකස් කළ යුතුයි

එතෙක් රටට පැමිණෙන තෙල් නැව් තෙල් ගොඩබෑම ප‍්‍රමාදවීම නිසා දිනකට ඩොලර් 25000 ක මුදලක් රටට අහිමි වන බවද කී රන්වල මහතා පැමිණෙන තෙල් නැව්වලට දින 05 ක් 06 ක් ප‍්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන තත්ත්වයක් උදාවී තිබෙන බවද සඳහන් කරනවා

Share This