කොවිඩ් එන්නතේ තෙවන මාත්‍රාවත් දෙන රටක්

කොවිඩ් එන්නතේ තෙවන මාත්‍රාවත් දෙන රටක්

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වෛරසයට එරෙහි සටනේදී, අවුරුදු 60 ට වැඩි ඊශ්‍රායල වැසියන්ට, ප්‍රවර්ධකයක් (බූස්ටර්) ලෙස තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීම ආරම්භ කළ බව එරට අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් පවසා තිබෙනවා.

ඊශ්‍රායලය එරට අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් සඳහා තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබා දෙන්නේ, එසේ කිරීම සුදුසු යැයි ඊශ්‍රායල සෞඛ්‍ය අංශ නිර්දේශ කිරීමත් සමඟයි.

ඒ අනුව, පළමුවෙන්ම තෙවැනි එන්නත් මාත්‍රාව ලබා ගත්තේ ඊශ්‍රායල ජනාධිපති අයිසෙක් හෙරෝග් සහ බිරිඳ මිෂෙල් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ජනාධිපතිවරයා සහ බිරිඳ එන්නත් ලබා ගන්නා අයුරු එරට පුවත් නාළිකා ඔස්සේ ප්‍රසිද්ධියට පත් කෙරුණේ, තෙවැනි එන්නත් මාත්‍රාව සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසයක් ඇති කිරීම සඳහායි

ඊශ්‍රායල වැසියන්ට දෙන්නේ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම එක් වී නිපදවූ ‘ෆයිසර්’ එන්නතයි .

තෙවැනි මාත්‍රාවක් ලෙස 60ට වැඩි වැඩිහිටියන් සඳහා ලබා දෙන්නේ ‘ෆයිසර්’ එන්නතේ තවත් මාත්‍රාවක් .

මේ වනවිට ඊශ්‍රායල ජනගහනයෙන් අවුරුදු 12 ට වැඩි සියයට 70 කට වඩා වැඩි පිරිසකට එන්නත් ලබා දී අවසන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

පළමු සහ දෙවැනි ෆයිසර් එන්නත් මාත්‍රා නියමිත පරිදි ලබා ගත් 60 වැඩි ඊශ්‍රායල වැසියන්ට, මාස 5 කට පසු තෙවැනි එන්නත් මාත්‍රාවක් එසේ නැතිනම් ප්‍රවර්ධකයක් ලබා දීම අවශ්‍ය යැයි ඊශ්‍රායල සෞඛ්‍ය අංශ නිර්දේශ කළේ, ‘ෆයිසර්’ සමාගම ප්‍රසිද්ධියට පත් කළ නවතම වෛද්‍ය පර්යේෂණ සැලකිල්ලට ගනිමින්

‘ෆයිසර්’ වෛද්‍ය පර්යේෂකයන් ඔවුන්ගේ පර්යේෂණ හරහා පෙන්වා දී ඇති අන්දමට, ‘ඩෙල්ටා’ වැනි කොරෝනා විකෘති ප්‍රභේද අඩපණ කිරීමට නම්, තෙවැනි මාත්‍රාවක් ලෙස තවත් ‘ෆයිසර්’ එන්නතක් ලබා දීම කළ යුතුයි .

ඒ, පළමු සහ දෙවැනි මාත්‍රා නියමිත පරිදි ලබාගෙන, මාස 5 ක කාලසීමාවක් ගතවීමෙන් අනතුරුවයි

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

Share This