Taylor Swift ලොව බිලියනපතියන්ගේ ලැයිස්තුවට එක්වෙයි

Taylor Swift ලොව බිලියනපතියන්ගේ ලැයිස්තුවට එක්වෙයි

ටේලර් ස්විෆ්ට් (Taylor Swift) ලොව ලොව ධනවත්ම පුද්ගලයින් අතර ශ්‍රේණිගත කිරීම සඳහා එලොන් මස්ක් සමග එක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමරිකානු පොප් තරුව ඩොලර් බිලියන 1.1 වත්කමක් සමගින් Forbes World’s Billionaires ලැයිස්තුවට ප්‍රථම වතාවට ඇතුළු වූ බවයි සඳහන් වන්නේ.

ෆෝබ්ස් සඟරාව සඳහන් කරන්නේ 2024 සඳහා වාර්තාගත ලෙස බිලියනපතියන් 2,781 ක් සිටින බවයි.

මෙම අගය පසුගිය වසරට වඩා 141ක් වැඩි වන අතර 2021 දී පිහිටුවන ලද වාර්තාවට වඩා 26ක් වැඩියි.

පොප් ගායිකාවක හා ගීත රචකයෙකු වන ටේලර් මෙගා ස්ටාර් යන නාමය ලබා ගැනීමෙන් පසු ධනවත් ලැයිස්තුවට ඇතුළත් වී තිබෙනවා.

ඇය මෙම වසරේ ග්‍රැමී සම්මාන උළෙලේදී වසරේ ඇල්බමය සඳහා සිව් වතාවක් ත්‍යාගය දිනාගත් පළමු ගායන ශිල්පිනිය බවටද පත්වුණා.

ඇගේ ඇල්බමය 1989 ලෙසින් හඳුන්වන ටේලර්ගේ අනුවාදය පසුගිය වසරේ වැඩියෙන්ම අලෙවි වූ ඇල්බමය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This