Elon Musk කියන්නේ උඬගු බිලියනපතියෙක් විතරයි – ඕස්ට්‍රේලියානු අගමැති

Elon Musk කියන්නේ උඬගු බිලියනපතියෙක් විතරයි – ඕස්ට්‍රේලියානු අගමැති

X සමාජ මාධ්‍ය ජාලයෙන් පල්ලියක සිදුවූ පිහි ඇණුමක දර්ශන ඉවත් කිරීමට එලෝන් මස්ක්ගේ ඇති අකමැත්ත නිසා ඕස්ට්‍රේලියානු අගමැතිවරයා එලෝන් මස්ක් උඩඟු බිලියනපතියෙකු ලෙස නම් කර තිබෙනවා.

පසුගිය සතියේ සිඩ්නි නුවරට එල්ල වූ ප්‍රහාරයේ වීඩියෝ දර්ශන ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු අධිකරණයක් ඊයේ(22) X සමාජ මාධ්‍ය ආයතනයට නියෝග කළා.

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ විවේචනය වූයේ එලෝන් මස්ක් මහතා ඔහුගේ රජයට වාරණයක් සම්බන්ධයෙන් චෝදනා කිරීම සඳහා memes භාවිතා කරන බවයි.

අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එලෝන් මස්ක් ඔහු නීතියට ඉහළින් සිටින බව සිතුවත් ඔහු සමාජ විනීතභාවයටද වඩා ඉහළින් සිටින බවයි.

පසුගිය සතියේ ඕස්ට්‍රේලියාවේ ස්වාධීන නියාමකයෙකු වන eSafety කොමසාරිස්, ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස පොලිසිය විසින් හඳුන්වනු ලබන Assyrian Christ the Good Shepherd දේවස්ථානයේ පිහි ඇනුම පිළිබඳ වීඩියෝ ඉවත් නොකළහොත් විශාල දඩ මුදලක් අය කරන බවට X සහ අනෙකුත් සමාජ මාධ්‍ය සමාගම්වලට නියෝග කළා.

X විසින් මෙම නියෝගය ඕස්ට්‍රේලියානු නීතියේ විෂය පථයට අයත් නොවන බවට තර්ක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම ඕස්ට්‍රේලියාවේ ඊ-සේෆ්ටි කොමසාරිස් ජූලි ඉන්මන් ග්‍රාන්ට් X පෞද්ගලිකව විවේචනය කළ අතර සමාජ මාධ්‍යවලට සමාජ වගකීමක් තිබිය යුතු වුවත් එලෝන් මස්ක්ගේ ක්‍රියා කලාපයේ එය දක්නට නොලැබෙන බව පවසා තිබෙනවා.

ඒ අනුව ඊයේ නිකුත් කර ඇති වාරණ නියෝගයට අනුකූලවීමට X වේදිකාවට පැය 24ක් ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This