කොළඹට ලැබුණු කැබිනට් අනුමැතිය

කොළඹට ලැබුණු කැබිනට් අනුමැතිය

කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථ වාහන තදබදයට පිළියම් ලෙස ගුවන් පාලම් හතරක් වසරක් තුළ ඉදිරිකිරීම මහාමාර්ග අමාත්‍යංශය සැළසුම් කර තිබෙනවා.

කොම්පඤ්ඤවීදිය දුම්රිය මාර්ගය හරහා විනිසුරු අක්බාර් මාවතේ ගුවන් පාලමක් ද, උත්තරානන්ද මාවතේ ගුවන් පාලමක් ද, එම ගුවන් පාලම් දෙක සම්බන්ධ කිරීම සඳහා තවත් ගුවන් පාලමක් ද ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඊට අමතරව බේරේ වැව සහ කොම්පඤ්ඤවීදිය හරහා බාලදක්ෂ මාවත සහ චිත්තම්පලම් ඒ ගාර්ඩිනියා මාවත සම්බන්ධ කරමින් ගුවන්පාලමක් ද ඉදිකිරිමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වුණා.

විනිසුරු අක්බාර් මාවතේ ඉදිකරන ගුවන් පාලම දිග මීටර 207 ක් සහ පළලින් මීටර 8.4 කින් යුක්ත අතර උත්තරානන්ද මාවතේ ඉදිකරන ගුවන්පාලමේ දිග මීටර 396 ක් වනවා.

එහි පළල මීටර 10.4 ක්. මෙම ගුවන් පාලම් දෙක එකිනෙක සම්බන්ධ කිරීම සඳහා ඉදිකරන ගුවන්පාලම දිග මීටර 310 කින් සහ පළල මීටර 6.9 කින් යුක්තයි.

Share This