2023 ක්‍රිකට් ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

2023 ක්‍රිකට් ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා

ඒ ඉන්දීය කණ්ඩායම පරාජයට පත්කරමින්

ඔවුන් ලෝක කුසලානයක් හිමිකරගන්නේ 6 වන වරටයි

කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 240ක් ලබා ගත්තා

අනතුරුව ලකුණු 241ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියාව පන්දුවාර 43ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය පසු කළා

එහිදී ඕස්ට්‍රේලියා ඉනිම ශක්තිමත් කරමින් Travis Head ශතකයක් ලබා ගත්තා

ඒ අනුව ඔහු පන්දු 120කදී ලකුණු 137ක් ලබා ගත්තේ හයේ පහර 4ක් සහ හතරේ පහර 15ක් සමගිනුයි

තරගයේ ලකුණු සටහන පහතින්

Share This