හෙට රැස්වන පාර්ලිමේන්තුව

හෙට රැස්වන පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තුව හෙට (24) රැස්වීමට නියමිතව තිබෙනවා.

හෙට රැස්වන පාර්ලිමේන්තුව 25 සහ 26 යන දිනවලදී ද රැස්වන අතර විපක්ෂය ගෙන එනු ලබන යෝජනාවකට අනුව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් අදාළ දිනවලදී පැවැත්වෙනු ඇති.

ඒ අනුව හෙට පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ‍ගෙන එනු ලබන යෝජනාවකට අනුව පාස්කු ඉරු දින සිදුවූ ප්‍රහාරය සම්බන්ධ සභාව කල්තැබීමේ විවාදය ද පැවැත්වෙන බව සඳහන්.

එමෙන්ම ලබන 25 වැනිදා පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා පෙර දින පවත්වා කල්තබන ලද පාස්කු ඉරු දින සිදුවූ ප්‍රහාරය සම්බන්ධ සභාව කල්තැබීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ

මීට අමතරව අප්‍රේල් 26 වැනිදා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පාස්කු ඉරු දින සිදුවූ ප්‍රහාරය සම්බන්ධ සභාව කල්තැබීමේ විවාදය තෙවැනි දිනටත් පැවැත්වෙනු ඇති.

Share This