ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 03ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 03ක ජයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 03ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 286ක් ලබා ගත්තා.

අනතුරුව ලකුණු 287ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47 යි එක් පන්දුවක් අවසානයේ එම ඉලක්කය පසු කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුණා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 113කදී හයේ පහර 03ක් සහ 4 පහර 13ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 114ක්

තරගයේ ලකුණු සටහන පහතින්

 

Share This