ශ්‍රී ලංකාව සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුම් 5කට අත්සන් තැබේ

ශ්‍රී ලංකාව සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුම් 5කට අත්සන් තැබේ

ශ්‍රී ලංකාව සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුම් 5කට අත්සන් තැබීමට නියමිතව තිබෙනවා.

හෙට (23) දිනයේ දී ජනතා අයිතියට පත්වන උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා හෙට දිවයිනට පැමිණෙන අතර ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව අදාළ ගිවිසුම් සඳහා අත්සන් තැබීම සිදුවනු ඇති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ආරාධනය පරිදි ඉරාන ජනාධිපතිවරයා මෙලෙස ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයකට එක් වන අතර 2008 වසරේ අප්‍රේල් මාසයේ දී එවකට ඉරාන ජනාධිපති මොහොමඩ් අහමදිනෙජාඩ් මහතාගේ සංචාරයෙන් පසුව ඉරාන ජනාධිපතිවරයෙකු මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

Share This