ශ්‍රී පාද උඩ මළුවෙන් පැන්න පුද්ගලයා සොයා මෙහෙයුම්

ශ්‍රී පාද උඩ මළුවෙන් පැන්න පුද්ගලයා සොයා මෙහෙයුම්

ශ්‍රී පාදවන්දනාවේ පැමිණි තරුණයෙක් ශ්‍රී පාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේදී ආරක්ෂිත වැටෙන් පහළට පැන්න පුද්ගලයා සොයා ලක්ෂපාන යුද හමුදා කඳවුරේ භට පිරිස් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා

ඒ අනුව, ශ්‍රී පාද උඩ මළුව රක්ෂිතයේ මෙහෙයුමක් දියත් කර ඇති බවයි වාර්තා වන්නේ

මෙලෙස අතුරුදන් වී ඇත්තේ හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙක්.

මෙම තරුණයා සූරියවැව ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු සමග ඊයේ (19) ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ඇති අතර පහළට බසිමින් සිටියදීයි එකවරම දිව ගොස් ආරක්ෂිත වැටෙන් පහළට පැන ඇත්තේ.

ඔහු එලෙස පහළට පනින ආකාරය ශ්‍රී පාද උඩමළුවේ සවි කර තිබූ සී.සී.ටී.වී කැමරාවේද සටහන් වී තිබෙනවා

Share This