යුක්‍රේනය, රුසියානු උපායමාර්ගික බෝම්බ හෙලන යානයක් බිම හෙළයි

යුක්‍රේනය, රුසියානු උපායමාර්ගික බෝම්බ හෙලන යානයක් බිම හෙළයි

යුක්‍රේනය විසින් රුසියානු උපායමාර්ගික බෝම්බ හෙලන යානයක් බිම හෙලූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

මධ්‍යම Dnipropetrovsk ප්‍රදේශයේ ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකුට මරු කැඳවමින් සිදු කළ පහර දීමෙන් අනතුරුව රුසියානු උපායමාර්ගික බෝම්බ හෙලන යානයක් වෙඩි තබා බිම හෙලූ බවයි කියෙව් පැවසුවේ

ඩ්නිප්‍රෝ (Dnipro) නගරයට සහ ඒ අවට ප්‍රදේශයට අලුයම මිසයිල වර්ෂාවක් පතිත වූ අතර, නේවාසික ගොඩනැගිලි සහ ප්‍රධාන දුම්රිය ස්ථානයට හානි සිදුව ඇති බවයි ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර ඇත්තේ

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ රුසියාව මෑත සතිවල යුක්‍රේනයේ බලශක්ති පද්ධතියට සහ අනෙකුත් ඉලක්ක වෙත දිගු දුර ගුවන් ප්‍රහාර වේගවත් කර ඇති බවයි

එමෙන්ම රුසියාව සිවිල් වැසියන් ඉලක්ක කිරීම ප්‍රතික්ෂේප කරන අතර බලශක්ති පද්ධතිය ඉලක්කයක් බව ද සඳහන් කර තිබෙනවා

කෙසේ වෙතත් මෙම ගුවන් ප්‍රහාරවලදී සිවිල් වැසියන් සිය ගණනක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This