යුක්‍රේනයේ ගුවන් ආරක්ෂාව දියුණු කිරීමට නේටෝ සංවිධානය ප්‍රතිඥා දෙයි

යුක්‍රේනයේ ගුවන් ආරක්ෂාව දියුණු කිරීමට නේටෝ සංවිධානය ප්‍රතිඥා දෙයි

යුක්‍රේනයේ Kyiv අගනුවරට එල්ල වූ මාරාන්තික රුසියානු ප්‍රහාරවලින් පසුව නේටෝව යුක්‍රේනයට වඩාත් දියුණු ගුවන් ආරක්ෂාවක් ලබා දෙන බවට ප්‍රතිඥා දී තිබෙනවා.

ඊයේ (19) පැවති අර්බුදකාරී නේටෝ-යුක්‍රේන සමුළුවෙන් පසුව හමුදා කඳවුරේ ප්‍රධානී Jens Stoltenberg මේ ගැන දැනුම් දුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky කියා සිටියේ රටේ නගර ආරක්ෂා කිරීම සඳහා Kyiv හට ගුවන් ආරක්ෂක පද්ධති හතක් අවශ්‍ය බවයි.

ඊයේ රුසියානු මිසයිල ප්‍රහාරවලින් ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු මිය ගිය බව යුක්‍රේනය සඳහන් කරනවා.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන ලද නේටෝ-යුක්‍රේන කවුන්සිලයේ සමුළුවෙන් පසුව කතා කරමින් ස්ටෝල්ටන්බර්ග් මහතා කියා සිටියේ නේටෝ ආරක්ෂක ඇමතිවරු වැඩි වැඩියෙන් යුක්‍රේනයට ගුවන් ආරක්ෂාව ඇතුළුව මිලිටරි සහාය ලබා දීමට එකඟ වී ඇති බවයි.

Share This