යාල රක්ෂිතයේ STF විශේෂ මෙහෙයුමක්

යාල රක්ෂිතයේ STF විශේෂ මෙහෙයුමක්

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් යාල රක්ෂිතයේ විශේෂ මෙහෙයුමක් සිදුකර තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බුත්තල, සියඹලාණ්ඩුව සහ පස්සර යන කඳවුරු එක්ව එම ඒකාබද්ධ මෙහෙයුම සිදු කර ඇති බව සඳහන්.

ඒ අනුව අපරාධ සහ සංවිධානාත්මක අපරාධකරුවන්, ගිනි අවි, ස්වාභාවික පරිසරය, ජෛව විවිධත්වයට හානි ගෙනදෙමින් සතුන් දඩයම් කරන දඩයක්කරුවන් සොයා අදාළ මෙහෙයුම දින පහක කාලයක් පුරා සිදු කරනු ලැබුවා.

මෙහිදි අතිනවීන ඩ්‍රෝන කැමරා තාක්ෂණය සහ විශේෂ පුහුණුව හදාරන ලද පොලිස් විශේෂ කාර්ය බලකාය චීටා බලකායේ නිලධාරීන් මෙහෙයුම සදහා එක්ව සිටියා.

එහිදී ඉතා රහසිගතව යාල අධි රක්ෂිතය තුළ ඉතා සරුවට වගා කරන ලද ගංජා හේන් අක්කර හයකට ආසන්න ප්‍රමාණයක්, සරුවට වැඩුණු අඩි නමයක් උස ගංජා ගස් 346,000ක්, රුසියාවේ නිෂ්පාදනය කරන ලද ගිනි අවියක්, දේශීය නිෂ්පාදනය කරන ලද ගිනිඅවි දෙකක් සමග අපරාධමය කටයුතු සඳහා යාල රක්ෂිතය තුල තුළ සැඟව සිටින සැකකරුවන් තිදෙනෙක් සහ වියලි ගංජා 30.450kg ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ගිනි අවි, වියළි ගංජා වැඩිදුර විමර්ශන කටයුතු සදහා ඇතිමලේ පොලිස් ස්ථානයට භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
.

Share This