මිලියන 25කින් වැඩිවූ ලංගම දෛනික ආදායම

මිලියන 25කින් වැඩිවූ ලංගම දෛනික ආදායම

සිංහල හා දෙමළ අවුරුදු සමය වෙනුවෙන් ක්‍රියාත්මක බස් සේවාව හරහා සිය දෛනික ආදායම රුපියල් මිලියන 25කින් පමණ ඉහළ ගොස් ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය පසුගිය 5 වනදා සිට අතිරේක බස් රථ 200ක් පමණ ධාවනයට එක්කරමින් විශේෂ ගමනාගමන සේවාවක් ආරම්භ කළා.

ඒ හරහා මේ වනවිට සිය දෛනික ආදායම රුපියල් මිලියන 25කින් පමණ ඉහළ ගොස් ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් ප්‍රමාණවත් පරිදි දුර ගමන් සේවා බස් රථ නොමැති වීම හේතුවෙන් පිටකොටුව බැස්ටියන් මාවත හා මධ්‍යම බස් නැවතුම්පොළ වෙත පැමිණි මගීන් දැඩි අපහසුතාවට පත්වූ බවට චෝදනා කර තිබුණා.

ඊට ප්‍රතිචාර දක්වමින් ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ ප්‍රමාණවත් පරිදි බස් රථ නොමැති බවට සිදුකරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

Share This