මත්තල ගුවන්තොටුපොළ පෞද්ගලීකරණයට

මත්තල ගුවන්තොටුපොළ පෞද්ගලීකරණයට

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ කළමනාකාරිත්වය පැවරීම පිළිබඳව යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ගුවන්තොටුපොළ ලෙස මත්තල ගුවන්තොටුපොළ දැඩි පාඩු ලබමින් තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ සතිය අගදී පැවැත්වීමට නියමිත මීළඟ කැබිනට් රැස්වීමේදී මේ පිළිබඳව සලකාබැලීමට නියමිතව තිබෙනවා.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් වන කැබිනට් යෝජනාව දැනටමත් ඉදිරිපත් කර තිබෙන බව සඳහන්.

Share This