බිත්තර, කුකුළු මස් නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිතයි ඇමති ඩී.බී හේරත්

බිත්තර, කුකුළු මස් නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිතයි ඇමති ඩී.බී හේරත්

බිත්තර හා කුකුළු මස් නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිත තැනකට පැමිණ ඇති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පවසනවා.

ඉදිරි වසරවලදී බිත්තර අපනයනය කිරීමේ හැකියාව පිළිබඳව ඔවුන් කල්පනා කරමින් සිටින බවද මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

කොවිඩ් අර්බුදය පැවති වකවානුවේ රට තුළ කුකුළු කර්මාන්තය කඩාවැටීම නිසා මෙරට කුකුළු මස් හා බිත්තර අවශ්‍යතාවය සපුරාගත නොහැකිවීමත් එම අවස්ථාවේදී වෙළඳ අමාත්‍යාංශයේ මැදිහත්වීම මත එම අවශ්‍යතාවයන් සපුරාලීමට කටයුතු කළ ආකාරය පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

කුකුළු ගොවිපළ කර්මාන්තය කඩාවැටීමත් සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශය මැදිහත් වී සත්ව ආහාර ආනයනයේදී ගෙවිය යුතු තීරුබදු ලබාදීම, ගොවීන්ට අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදීම වැනි ක්‍රියාමාර්ග ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

එමෙන්ම ඒ තුළින් කර්මාන්තය තුළ කැපීපෙනෙන ප්‍රගතියක් ළඟා කරගෙන තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති තත්ත්වයක් උදාවී ඇති බවයි.

මේ වන විට මැදපෙරදිග රටවලටද කුකුළු මස් අපනයනය කරන බවත් ඒ අයුරින් බිත්තර අපනයනය කිරීමට සැලසුම් සකස්කරගෙන යන බවත් පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Share This