බලධාරීන් මවිතයට පත්කළ ‘නයනා කුමාරි’ කොල්ලකෑම

බලධාරීන් මවිතයට පත්කළ ‘නයනා කුමාරි’ කොල්ලකෑම

කොළඹ සිට පැමිණි ‘නයනා කුමාරි’ දුම්රිය හික්කඩුව දුම්රිය ස්ථානයේ නවතා තිබියදී එහි තිබූ රුපියල් කෝටියකට අධික විදුලි රැහැන් සොරාගෙන තිබෙනවා.

නියෝජ්‍ය අධිකාරී- දුම්රිය ආරක්ෂක බළකාය ජී.ඩබ්ලිව්. සුමිත් මහතා පැවසුවේ බ්‍රහස්පතින්දා අලුයම කොළඹ සිට පැමිණි ‘නයනා කුමාරි’ දුම්රිය ඉලක්කකර ගනිමින්, බලධාරීන්ද මවිතයට පත්කරමින් මෙම සාහසික කොල්ලකෑම සිදුරකර තිබෙන බවයි.

සොරුන් විශේෂයෙන් ඉලක්ක කර ඇත්තේ මගී මැදිරි තුළ ආලෝක පද්ධතිය බල ගැන්වීම සඳහා භාවිතා කරන කේබල් බවයි දුම්රිය ආරක්ෂක නිලධාරීන් පවසා සිටියේ.

මෙය හොඳින් සැලසුම්කර සිදුකරන ලද සොරකමක් බවත් විදුලි පරිපථ පිළිබඳ සංකීර්ණ අවබෝධයක් ඇති එවැනි තාක්ෂණයක් ගැන හුරුපුරුදු පුද්ගලයින් විසින් මෙය සිදුකර ඇති බවට බලධාරීන් සැක පළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Share This