පාස්කු ප්‍රහාරයට හෙටට වසර 5යි – කොච්චිකඩේ අන්තෝනි දෙව්මැඳුරේ විශේෂ මෙහෙයක්

පාස්කු ප්‍රහාරයට හෙටට වසර 5යි – කොච්චිකඩේ අන්තෝනි දෙව්මැඳුරේ විශේෂ මෙහෙයක්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවී හෙටට (21) වසර පහක් ගතවී තිබෙනවා.

ඒ අනුව වසර පහක් ගතවීම නිමිත්තෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරේදී විවිධ ආගමික නායකයන් කැඳවා විශේෂිත උළෙලක් පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී එම බෝම්බය පිපිරුණ උදෑසන 8.45ට විනාඩි දෙකක නිහඬතාවයක් ද සිදුකිරීමට උත්සව කමිටුව තීරණය කර ඇති බව සඳහන්.

ඉන් අනතුරුව දේව මෙහෙය සිදුකිරීමට නියමිතයි.

එමෙන්ම කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැඳුර තුළ විශේෂ දේව මෙහෙයන් සිදුකර මළවුන් සිහිපත් කරන අතර මඩකලපුව දෙව්මැඳුරේදීත් විශේෂ දේව මෙහෙයයන් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Share This