පාකිස්ථානය හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

පාකිස්ථානය හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

සංචාරක පාකිස්ථාන කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 222කින් පරාජයට පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (27) සිදු වුණා.

කොළඹ SSC පිටියේ පැවති තරගයේ සිව්වැනි දිනය වන අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්ථාන කණ්ඩායම කඩුලු 5ක් දැවී 576ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඒ ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු 166ට පිළිතුරු ලෙසයි.

අනතුරුව ලකුණු 410ක් පිටුපසින් සිටිමින් සිය දෙවනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිතිකරුවන් සියලුදෙනා ලකුණු 188කට දැවී ගියා.

ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමග පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් පාකිස්ථාන කණ්ඩායමට හිමි වුණා.

Share This