පාකිස්ථානයේ ක්‍රිකට්වලට නව නායකයින් දෙපලක්

පාකිස්ථානයේ ක්‍රිකට්වලට නව නායකයින් දෙපලක්

පාකිස්ථානයේ ක්‍රිකට්වලට නව නායකයින් දෙපලක් පත් කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා

ඒ අනුව ෂහීන් ෂා අෆ්රිඩි 20 යි 20 නායකයා ලෙසත් ෂාන් මසූඩ් ටෙස්ට් නායකයා ලෙසත් කටයුතු කරන බවයි පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් සිව් දෙනාගේ කණ්ඩායමට තේරීමට අපොහොසත් වීම හේතුවෙන් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ බාබර් අසාම් සිය තනතුරෙන් ඉල්ලා අස් වීම හේතුවෙනුයි මෙම නම් කිරීම් සිදු කර ඇත්තේ
මෙම නම් කිරීම් සිදු කර ඇත්තේ

එමෙන්ම එක්දින නායකත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිත බව සඳහන්.

මීට අමතරව, ඉදිරි ඉදිරියේ දී ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත සංචාර සඳහා යන පුහුණු කාර්ය මණ්ඩලයේ සැලකිය යුතු වෙනසක් සිදුවනු ඇති බවයි ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර ඇත්තේ

Share This