නාවික හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් ගුවනේදී ගැටීමෙන් දස දෙනෙකු මරුට

නාවික හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් ගුවනේදී ගැටීමෙන් දස දෙනෙකු මරුට

රාජකීය මැලේසියානු නාවික හමුදාවේ පෙරහුරුවක් අතරතුරදී නාවික හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් ගුවනේදී ගැටීමෙන් පුද්ගලයන් දස දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මැලේසියාවේ ලුමුට් නගරයේ පිහිටි නාවික හමුදා කඳවුරක් තුළ මෙම අනතුර සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පුද්ගලයන් හත් දෙනෙකු සමඟ එක් හෙලිකොප්ටර් යානයක් ධාවන පථයකට කඩා වැටෙන්නට ඇතැයි විශ්වාස කෙරෙන බවත් මියගිය අනෙක් තිදෙනා රැගත් යානය අසල පිහිටි පිහිනුම් තටාකයකට කඩා වැටෙන්නට ඇතැයි විශ්වාස කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේවෙතත් මෙම අනතුරින් කිසිවෙකුත් දිවි ගලවා ගැනීමට සමත්වී නෑ.

Share This