නවසීලන්තයට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්

නවසීලන්තයට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන් හි විවෘත කිරීමට තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.

කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන්හි ආරම්භ කීරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ පිළිබඳ සොයා බැලීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ වත්කම් කළමනාකරණ සහ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය ප්‍රමුඛ නියෝජිත පිරිසක් අප්‍රේල් 22 වනදා සිට 25 වනදා දක්වා කාලය තුළ නවසීලන්තයේ සංචාරයක නිරත වීමට නියමිතයි.

Share This