ඩෙංගු නිසා අමෙරිකාවේ හදිසි තත්ත්වයක්

ඩෙංගු නිසා අමෙරිකාවේ හදිසි තත්ත්වයක්

Pan අමෙරිකානු සෞඛ්‍ය සංවිධානයට (PAHO) අනුව, 2023දී පිහිටුවන ලද වාර්ෂික වාර්තාව අභිබවා යමින්, මේ සතිය වන විට ඩෙංගු රෝගීන් මිලියන 5.2ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම සංවිධානයේ ප්‍රකාශක ඈෂ්ලි බෝල්ඩ්වින් පැවසුවේ මෙතෙක් ලැබී ඇති සංඛ්‍යාලේඛනවවලට අනුව අමෙරිකාවේ ඩෙංගු රෝගීන් 5,214,480 ක් වාර්තා වී ඇති බවයි.

කෙසේ වෙතත් 2023 වර්ෂය පුරාම කලාපයෙන් වාර්තා වූ මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 4,572,765ක්.

මේ නිසා ඩෙංගු නිසා හදිසි තත්ත්වයක් හටගෙන ඇති බවයි එරට නිලධාරීන් පෙන්වා දෙන්නේ.

දකුණු අර්ධගෝලයේ රටවල් මේ වන විට දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර ඉන් බ්‍රසීලය ආසාදිතයන් බහුතරයක් වාර්තා කරනවා.

පේරු හි, ඩෙංගු වසංගතය හේතුවෙන් රටේ කලාප 25න 20ක් සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් යටතේ පවතින අතර ඩෙංගු රෝගීන් 155,000 කට වඩා වාර්තා වී තිබෙනවා.

එමෙන්ම එහි වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 146ක්.

මේ වන විට 2024 දී අමෙරිකාවේ ඩෙංගු මරණ 1,858 මරණ වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This