ට්‍රම්ප්ගේ නඩුව විභාග වන උසාවිය පිටතදී ගිනි තබාගත් පුද්ගලයා මරුට (VIDEO)

ට්‍රම්ප්ගේ නඩුව විභාග වන උසාවිය පිටතදී ගිනි තබාගත් පුද්ගලයා මරුට (VIDEO)

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය පැවැත්වෙන Manhattan උසාවිය ඉදිරිපිටදී සිරුරට ගිනි තබාගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

37 හැවිරිදි Maxwell Azzarello, ඔහු අතෙහි කුමන්ත්‍රණ න්‍යාය පත්‍රිකා තිබියදී සිරුරට ගිනිගන්නා සුළු දියර වත් කරගෙන තිබෙනවා.

එය සිදුවී ඇත්තේ ට්‍රම්ප් මහතාගේ නඩු විභාගය සඳහා ජූරි සභාව තෝරා ගැනීම අවසන් වූ අවස්ථාවේදීයි.

අසාධ්‍ය තත්ත්වයෙන් ඔහුව(19) රෝහලට ගෙන ගිය අතර අද(20) ඔහු මියගිය බවයි අමෙරිකානු මාධ්‍ය තහවුරු කර ඇත්තේ.

ට්‍රම්ප් ජූරි තේරීම්වලට සහභාගීවීමට ගොඩනැගිල්ලේ සිටි අතර එහිදී ඔහුට ලැබුණු ආරක්ෂක තොරතුරකට අනුව හිටපු ජනාධිපතිවරයා සිද්ධිය අතරතුර පිටව ගොස් තිබෙනවා.

විකල්ප ජූරි සභික තේරීම් අවසන් කළ නඩුව ඊයේ පස්වරුවේ යළි ආරම්භ වූ අතර සඳුදා සමාරම්භක ප්‍රකාශ පැවැත්වීමට නියමිතයි.

තම සිරුරට ගින් තබා ගත් පුද්ගලයා ඔහු පසුගිය සතියේ ෆ්ලොරිඩාවේ පිහිටි ඔහුගේ නිවසේ සිට නිව්යෝර්ක් වෙත පැමිණ ඇති බව විමර්ශන නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

ඔහුට නිව් යෝර්ක්හි අපරාධ නඩුවක් හෝ අපරාධයකට සම්බන්ධ බව චෝදනාවක් හෝ නොතිබූ අතර ඔහුගේ පවුලේ අය ඔහු නිව් යෝර්ක් වෙත ගිය බව නොදැන සිටි බව සදහන්.

නිව් යෝර්ක් පොලිස් ප්‍රධානී ජෙෆ්රි මැඩ්‍රි පැවසුවේ අසාරෙලෝ නම් වන ඔහු දැවෙනසුළු දියර හා පත්‍රිකා වගයක් අතැතිව උද්‍යානය තුළ ඇවිද සිටි බව අනාවරණය වූ බවයි.

මෙම පත්‍රිකා වල සඳහන් වී තිබුණේ ”trump is with biden and they are about to fascist coup us” යනුවෙන්.

එහි හිටපු ජනපති ට්‍රම්ප් හා වත්මන් ජනපති ජෝ බයිඩ්න් අතර ක්‍රියාත්මක වන කුමන්ත්‍රණ න්‍යායක් ගැන ඔහු පෙන්නුම් කිරීමට උත්සහ කර තිබෙනවා.

විමර්ශකයින් තවමත් සාක්ෂිකරුවන් සමග සම්මුඛ සාකච්ඡා පවත්වමින් සිටින අතර ඔහු ගිනි තබා ගැනීමට පෙර කිසිවක් නොපැවසූ බවයි සිද්ධිය ඇසෙන දුටු සාක්ෂිකරුවන් පවසා ඇත්තේ.

Share This