ජාතික අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට එන රනිල් (VIDEO)

ජාතික අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට එන රනිල් (VIDEO)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට ද එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුවේ දී තීරණය වී ඇති බවයි අද (10) දිනයේ ජාතික පුවත්පත් මගින් සඳහන් කර තිබුණේ .

එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය 2025 ජනවාරි මාසයේදීත්, පළාත් සභා මැතිවරණය 2025 මාර්තු මාසයේදීත්, පැවැත්වීමට තීරණය කර ඇති බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ විකාශය වූ “ස්වර්ණවාහිනී පත්තරේ” වැඩසටහනේ දී ද තොරතුරු වාර්තා කළා.

 

 

Share This