ජාත්‍යන්තර මිහිකත දිනය අදයි

ජාත්‍යන්තර මිහිකත දිනය අදයි

ජාත්‍යන්තර මිහිකත දිනය අදට යෙදී තිබෙනවා.

සෑම වසරකම මිහිකත දිනය අප්‍රේල් 22 වනදා සමරන අතර මෙදින ග්‍රහලෝකය අගය කිරීමට සහ ආරක්ෂා කිරීමට සඳහා අපට ඇති වගකීම ගෝලීය වශයෙන් මතක් කරනු ලබනවා.

මිනිසාගේ සහ ග්‍රහලෝකවල සෞඛ්‍යයට ප්ලාස්ටික් දූෂණයෙන් සිදුවන හානිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා “Planet vs Plastics” යන තේමාව යටතේ මෙම දිනය සමරන ලෙසයි එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුම් දී ඇත්තේ.

එමෙන්ම පෘථිවියේ අස්ථාවරත්වය සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා පෘථිවියට සිදුවන බලපෑම ගැනද මිහිකත දිනයේදී අවදානය යොමු කරනවා.

මේ පෘථිවිය විශාල සාගරවල සිට උස් කඳු දක්වා මිනිසාට මෙන්ම සතා සිව්පාවට ජීවත්වීමට සුදුසු විශ්මයජනක වූ සුන්දරත්වයක් ලබාදී තිබෙනවා.

එහෙත් මිනිස් ක්‍රියාකාරකම් නිසා මේ වනවිට පෘථිවියේ පැවැත්මට තර්ජන එල්ලවී ඇති බව අප සියලුදෙනාටම අත්දැකිය හැකියි.

දේශගුණික විපර්යාස මෙහිදී ප්‍රධාන වශයෙන් පෘථිවියේ පැවැත්මට බලපෑම් එල්ල කරනවා.

නමුත් මොන අභියෝග ඉදිරියට පැමිණියත් එයට බලාපොරොත්තුවක් එක්කරමින් මිහිකත දිනය පෘථිවිය, මිනිසා සහ සතා සිව්පාවා, ආරක්ෂා කර ගැනීම සඳහා එක්සත්වීමට පෙළඹවීමක් ලෙස ක්‍රියා කරනු ලබනවා.

මෙම දිනය ගස් සිටුවීමට, වෙරළ තීරයන් පිරිසිදු කිරීමට සහ ප්ලාස්ටික් භාවිතය තුරන් කිරීමට සියලු දෙනා එක්සත් කිරීමට උත්සහ කරන දිනයක්.

සියලුදෙනා එකතු වුණොත් මනුෂ්‍යත්වය සහ ස්වභාවධර්මය අතර සහජීවනය වර්ධනය වන අනාගතයක් අපට ගොඩනැගිය හැකියි.

මොන යම් හෝ ප්‍රයත්නයක් මල් පල ගන්වන්න නම් සියල්ලනේගම සහය අවශ්‍ය වනවා සේ අපේ පෘථිවියේ පැවැත්ම සොබාදහමට හිතකර ලෙස පවත්වාගෙන යන්න ඔබත් එකතු වන්න…..

Share This